සුභ ආරංචියක් - මේ අයට රජයෙන් පොහොර සහනාධාර

Report

කුඩා තේ වතු හිමියන්ට මේ වසරේදී අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට තිීරණය කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2,500 ක් ඒ සඳහා වෙන්කර ඇති අතර, මේ මස අවසානයේ සිට එම සහනාධාරය ලබාදීමට නියමිතයි.

කොළඹ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.