රාජ්‍ය කාර්යාලයක ප්‍රධාන නිලධාරිනියක් බොරු කියා අඩු මිලට සීනි ගන්න ගිහින් මාට්ටු වෙයි..?

By Sewvandhi Oct 01, 2021 01:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සිය සැමියා නිරෝධායනය වී නිවසට පැමිණි නිසා තමාටද නිරෝධායනය වීමට සිදුවන බව පවසා කාර්යාලයෙන් නිවාඩු ලබාගත් නිලධාරිණියක් ,සීනි මිලට ගැනීමට පෝලිමේ සිට ආයතන ප්‍රධානියාට හසුවූ පුවතක් වාර්තා වෙනවා.

මෙම නිලධාරිණිය රජයේ කාර්යලයක සේවය කරන අතර වෙනත් දිස්ත්‍රික්කයක සේවයේ නිරතව සිටි සිය සැමියා නිවසට පැමිනි පසුව ,ආයතනට ප්‍රධානියාට ඇය දන්වා ඇත්තේ , සැමියා කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බැවින් තමාටද ඔහු සමඟ නිරෝධායනය වීමට සිදුවන බවයි.

සිය සැමියා නිරෝධායනය වී නිවසට පැමිණි නිසා තමාටද නිරෝධායනය වීමට සිදුවන බව පවසා කාර්යාලයෙන් නිවාඩු ලබාගත් නිලධාරිණියක් ,සීනි මිලට ගැනීමට පෝලිමේ සිට ආයතන ප්‍රධානියාට හසුවූ පුවතක් වාර්තා වෙනවා.

මෙම නිලධාරිණිය රජයේ කාර්යලයක සේවය කරන අතර වෙනත් දිස්ත්‍රික්කයක සේවයේ නිරතව සිටි සිය සැමියා නිවසට පැමිනි පසුව ,ආයතනට ප්‍රධානියාට ඇය දන්වා ඇත්තේ , සැමියා කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බැවින් තමාටද ඔහු සමඟ නිරෝධායනය වීමට සිදුවන බවයි. එබැවින් ඉදිරි දින කිහිපයේදී තමාට කාර්යාලයට පැමිණීමට නොහැකි බව ඇය දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ටික දිනකට පසුව නිවසට වී සතුටින් කාලය ගත කල ඇයට දැනගන්නට ලැබුනේ සතොස වෙළඳ සැලකින් අඩු මිලට සීනි ලබා දෙන බවයි.ඒ අනුව ස්කූටියේ නැගී ඇයද එහි ගොස් ඇති අතර ,මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් කණ්ඩායමක් ජනතාවගෙන් සීනි අඩු මිලට ලබා දීම සම්බන්ධව අදහස් විමසා එය පටිගත කර ගෙන තිබෙනවා.

එදින රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේදී එම දර්ශන විකාශනය වී ඇති අතර ,එහි එක් පසෙකින් ඇයද සිට තිබෙනවා.මේ බව දුටු කාර්යාලයේ අනෙක් සේවකයින් ආයතන ප්‍රධානියාට ඒ බව දැනුම් දුන් අතර ඔහුද ඒ බව තහවුරු කරගෙන තිබෙනවා.ඇයට දුරකථන ඇමතුමක් ගෙන ප්‍රධානියා විසින් දැඩිව අවවාද කොට ඇති අතර ,පවතින කාලගුණ තත්වය හමුවේ කාර්යාලයට යාමට මැලිව ඇය විසින් මෙවැන්නක් සිදු කොට තිබෙනව බවයි දැනගන්නට ලැබී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha