රජයෙන් පිරිසකට වන්දි ලබා දීමට තීරණයක.
Mahinda Amaraweera
Government Of Sri Lanka
Ministry of Agriculture
By krishani
ඊයේ (31) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වගා හානි සඳහා වන්දි ලබාදීම කෙරෙහි දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
මෙරට තුළ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා කටයුතු සඳහා ජලය මුදාහැරීම ගැටලුවක් වී ඇත.
එමෙන්ම ජල විදුලි නිෂ්පාදනය සඳහා ජලය ලබාදීම මෙන්ම පානීය ජලය ලබාදීම සඳහා ද මේ දක්වා ගැටලුවක් නොමැති බව එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය මත වගා හානි සඳහා වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර ඒ අනුව ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
