ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක් සදහා ගැසට්ටුවක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Nov 02, 2022 02:16 AM GMT
krishani

krishani

Report

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක වෙළෙඳපොළ දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ආනයනික චුයින්ගම් ඇතුළු රස කැවිලි, චොක්ලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් මෙම කාණ්ඩයට ඇතුළත් වේ.

ආනයනකරුවන් විසින් මෙම භාණ්ඩ දිවයිනට ගෙන්වන අවස්ථාවේ දී එහි උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි ව සටහන් කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

එය ඊයේ (01) සිට බලපැත්වෙන පරිදි ක්‍රියාත්මක යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join