රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Aug 13, 2022 03:55 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය සේවකයින් සතියේ දින 5ම සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන අතර ඉන්ධන හිඟය හේතුවෙන් හටගත් අර්බුදකාරී වාතාවරණය හමුවේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කර තිබුණේ ය.

රට තුළ උද්ගත වූ ඉන්ධන අර්බුදය හමුවේ පසුගිය ජූලි මස 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුණු අතර ඒ අනුව, අදාළ කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව රට තුළ පවතින තත්ත්වය සලකා බලා රාජ්‍ය සේවකයින් සතියේ දින පහේම සේවයට කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

කෙසේවෙතත් දැනටමත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රාජකාරී අවශ්‍යතා සලකා බලා සතියේ දින පහම නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join