අපේ මන්ත්‍රීවරු පාවිච්චි කරන්නේ.. කුලියට ගත්ත වාහන මම පාවිච්චි කරන්නෙත් සමන්ත මන්ත්‍රීවරයාගේ වාහනේ - හැම රුපියලක්ම ආරක්ෂා කරන බව කියන අසිත [VIDEO]
වත්මන් රජය මහජනතාවගේ හැම රුපියලක්ම සාංඝික දේපළක් මෙන් රකිමින් සිටින බවත් කිසිඳු මන්ත්‍රීවරයෙක් රජයෙන් වාහන මෙතෙක් ලබාගෙන නොමැති බවත් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ උත්සව සභාවක් අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ,
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
"ඇමතිවරු 24යි නියෝජ්‍ය ඇමතිවරු 29යි හැර අනිත් සියළුම අපේ මන්ත්‍රීවරු තමන් තවමත් පාවිච්චි කරන්නේ පුද්ගලික වාහනය හෝ කුලියට ගත්ත වාහන. මම පාවිච්චි කරන්නෙත් සමන්ත මන්ත්‍රීවරයාගේ වාහනේ. සාංඝික දේපළ වගේ මිනිස්සුන්ගෙ හැම රුපියලක්ම ආරක්ෂා කරන මට්ටමට අපි තීන්දු තීරණ අරගෙන තියෙනවා" යනුවෙන්.
විජිත වෙව්ල වෙව්ල කෑ ගැහුවා.. මේ යුද්ධයක් නැති රටේ මොකටද ත්‍රස්තවාදී පනත් කියලා එහෙම කියපු අය සලේව ගෙනිහිල්ලා නිරුවත් කරලා - විජේදාස රාජපක්ෂ
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,