රජයෙන් පිරිසකට වන්දි ලබා දෙන්න යයි - ලබා දෙන වන්දි මුදලත් ඉහළ දාන්න තීරණයක?.
Mahinda Amaraweera
Sri Lanka Politician
Sri Lanka
Government Of Sri Lanka
Ministry of Agriculture
By krishani
නියඟය හේතුවෙන් වී වගාවට මේ වන විට විශාල හානියක් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් එම වගාවන්ට සිදුව ඇති වගා හානිවල තත්ත්වය කඩිනමින් තක්සේරු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු මැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවට පසුව වේ.
එමෙන්ම වගා හානි සඳහා හෙක්ටෙයාර් එකකට ලබා දෙන වන්දි මුදල ද ඉහළ දැමීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
