රජයේ නිලධාරීන් වෙනුවෙන් රජයට අලුතෙන් කැබ් රථ 2000ක් මිලට ගන්න යයි

Report

නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය, සංවර්ධනය ඉලක්ක කරගත් එකක් වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන්, විශේෂයෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වාහන ගෙන්වීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා කැබ් රථ 2000ක් මිලදී ගැනීමට රජය සැලසුම් කරන බවත් ඔහු සඳහන් කළේය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

කොවිඩ් කාලයට පෙර ආරම්භ වී නතර කරන ලද ව්‍යාපෘති රැසක් පිළිබඳ කැබිනට් පත්‍රිකාවල සඳහන් වූ බවත්, ඒවා ජනතාවගේ ජීවිත හා සංවර්ධනයට අදාළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම අත්‍යවශ්‍ය ව්‍යාපෘති හඳුනාගනිමින්, සමාලෝචනය කරමින්, ඒවායේ කාලවකවානු සහ පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කර, අමාත්‍යංශ මට්ටමින් මුදල් අමාත්‍යංශයට කරුණු ඉදිරිපත් කර ඇති බවද ඔහු පැවසීය.

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලුම අමාත්‍යංශ තම අයවැය යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, ඊට අමතරව පළාත් සභා මට්ටමින් ද යෝජනා ඉදිරිපත් වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ සියල්ල සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ මුදල් අමාත්‍යංශය විසින් අයවැය සකසන බවද ඔහු අවධාරණය කළේය.

ආර්ථික ස්ථාවරත්වය ජනතාවගේ ජීවිතවලට බලපාන වැඩසටහන් රැසක් අමාත්‍යංශ මගින් ඉල්ලුම් කර ඇති අතර, ඒ සඳහා අදාළ ප්‍රතිපාදන අයවැයේදී වෙන්වනු ඇතැයිද ඔහු පැවසීය. 

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ළඟදීම ඩිජිටල් වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ළඟදීම ඩිජිටල් වෙයි

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල