ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ළඟදීම ඩිජිටල් වෙයි
අධිකරණ කාර්යාලවල දූෂණ හා අක්‍රමිකතා අවම කිරීම, අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීම සහ අධිකරණයට පැමිණෙන ජනතාවට හා නීතිඥවරුන්ට කඩිනම් සේවාවන් ලබා ගැනීමේ පහසුව ලබාදීම මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ අරමුණ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.
මෙහි පළමු පියවර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් පසු අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ ඇතුළු සියලු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ ආරම්භක උත්සවය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගේ සහභාගීත්වයෙන් අනිද්දා (12) පස්වරු 1ට කොළඹ අලුත්කඩේ විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.