‘SVAT හින්දා මෙරට රෙදි නිෂ්පාදකයින් FLAT’

Sri Lanka Economic Crisis Economy of Sri Lanka Value Added Tax​ (VAT)
By Shehan Mar 29, 2025 07:06 AM GMT
Shehan

Shehan

Report

සරල කළ අගය එකතු කළ බද්ද (SVAT) වෙනුවට යෝජිත අවදානම් පාදක මුදල් ආපසු ගෙවීමේ ක්‍රමය (Risk Based Refund System) ක්‍රියාත්මක වන විට, ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය (ෆැබ්‍රික්) දේශීය සමාගම්වලින් ලබා ගැනීම වෙනුවට විදේශීය රටවලින් ආනයනය කිරීමට නිෂ්පාදකයන් පෙලඹෙනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පැවැසුවේය.

මෙම නව ක්‍රමය යටතේ සියයට 18ක වැට් බද්දක් ගෙවා අමුද්‍රව්‍ය ලබා ගැනීමට සිදුවීම මීට හේතුව බව ඔහු සඳහන් කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ එම බදු මුදල් නැවත ලබා දෙන බවයි.

මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000 ඉක්මවයි! (UPDATE)

මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000 ඉක්මවයි! (UPDATE)

නමුත්, ඇතැම් නිෂ්පාදන සමාගම්වලට අවුරුදු 3-4ක කාලයක් තිස්සේ රැඳවුම් මුදල් ආපසු ගෙවා නැති බව ෆීලික්ස් ප්‍රනාන්දු පෙන්වා දුන්නා.

එවැනි තත්ත්වයක් නැවත ඇති වුවහොත්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාරවල මුදල් ප්‍රවාහයේ ගැටලු ඇති විය හැකි බවත්, එවිට ඔවුන්ට බැංකු ණය ලබා ගනිමින් ව්‍යාපාර පවත්වාගෙන යාමට සිදුවන බවත් ඔහු කීවා.

මේ නිසා, ඇඟලුම් නිෂ්පාදකයන් ඉන්දියාවෙන් හෝ චීනයෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට යොමු විය හැකි බව ඔහු පැවසුවා.

එසේම, මෙය සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් ව්‍යවසායකයන්ට ආර්ථික අර්බුද ඇති කරන අතර, මූල්‍ය ගැටලු හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන්ව ඉහළ අවදානම් සමාගම් ලෙස වර්ගීකරණය කිරීමට ඉඩ ඇති බව ඔහු සඳහන් කළා.

දේශබන්දු වීසි වේ - අලුත් පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට!

දේශබන්දු වීසි වේ - අලුත් පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට!

එවැනි තත්ත්වයකදී මාස ගණනක් බලා සිටීමට සිදුවුවහොත්, නිෂ්පාදකයන් විදේශීය රටවලින් අමුද්‍රව්‍ය ගෙන්වීමට පෙලඹෙන බවත්, එමඟින් දේශීය අමුද්‍රව්‍ය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අඩු වන බවත් ප්‍රනාන්දු මහතා කීවා.

කෙසේ වුවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, යෝජිත අවදානම් පාදක මුදල් ආපසු ගෙවීමේ ක්‍රමය යටතේ ඇඟලුම් සමාගම් ඉහළ, මධ්‍යම හෝ අඩු අවදානම් ලෙස වර්ග කරන බවයි. මධ්‍යම හා අඩු අවදානම් සමාගම්වලට විධිමත් ක්‍රියාවලියකින් ප්‍රතිලාභ ලැබෙන අතර, දින 45ක් තුළ වැට් බදු ආපසු ගෙවීම් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එසේම, SVAT වෙනුවට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇති අතර, එම අරමුදල එය ක්‍රියාවට නංවන ලෙස ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබෙනවා.

රනිල්ව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරන භූතයෝ දෙන්නෙක් ගැන රවී කට අරි

රනිල්ව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරන භූතයෝ දෙන්නෙක් ගැන රවී කට අරි

ReeCha