අඩු ආදායම්ලාභී පවුල් වලට සහ ප්‍රවීණ කලාකරුවන්ට රජයෙන් නිවාස. - ඉදිකෙරෙන ප්‍රදේශ මෙන්න.
By Wayomi
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1888 ක් සහ ප්‍රවීණ කලාකරුවන් සදහා නිවාස 108 ක් ඉදිකිරීම සදහා වන ව්‍යාපෘතියකට අද අත්සන් තබනු ලැබුවා.
ඒ ශ්‍රි ලංකාවේ චීන තානාපති කිවු සෙන්හෝන් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක අතරයි.
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මෙම නිවාස පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ මහරගම ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත අතර ප්‍රවීණ කලාකරුවන් සදහා වන නිවාස ව්‍යාපෘතියක් කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමටයි සැළසුම් කර ඇත.
ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)