රටේම ණය ගෙවන්න? - පළමු වරට මෙරට අධිකරණ නියෝගයකින් නිධානයක් ගොඩ ගැනේ. - හමු වූ දේ බලන්නකෝ(VIDEO)
මේ වන විට මෙහි අඩි 20 කට අධික ගැඹුරකට කැනීම් සිදු කර ඇති අතර, මේ වන විට විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව තිබෙනවා.
ඒ, අනුව එය පුපුරුවා හැරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ
...............................UPDATE.....................................
වේයන්ගොඩ - වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට අයත් ස්ථානයක ඇති ජනප්‍රවාදයේ සඳහන් නිධානයක් අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙරට පළමු වරට නිධානයක් ගොඩ නැගීමට කටයුතු කරමින් තිබෙනවා.
ඒ, මෙම ස්ථානයේ තිබෙන බව යැයි කියන නිධානයක් මෙතෙක් කල් බොහෝ පිරිස් විසින් හොර රහසේ නිධන් ගොඩගැනීම කටයුතු කර ඇති බව වාර්තා වනවා.
එය ගොඩනැගීමට තැත් කළ බොහෝ සැකකරුවන් එය ගැනීමට නොහැකී වු අතර වේයන්ගොඩ පොලිසිය මැදිහත් වී එම සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
මෙම නිධානය ගැනීමට බොහෝ අවස්ථාවල උත්සහා කළ සැකකරුවන් වාර්තා වීම හේතුවෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි එම ස්ථානයේ නිධානයක් තිබේ දැයි සොයා බලන ලෙසට පොලිස් විශේෂ කාර්‍යය බලකායට උපදෙස් දී ඇති අතර එම පරීක්ෂා කිරීම් වලට අදාළව ස්කෑන් පරීක්ෂණ වල ප්‍රතිඵල මත එහි යම් කිසි දෙයක් සඟවා ඇති බවටයි නිරීක්ෂණය වී ඇත්තේ.
ඒ අනුව අධිකරණය විසින් මහජනතාව ඉදිරියේ ඊයේ (21) දින එම ස්ථානය හැරීමට වේයන්ගොඩ පොලිසියට නියෝගය ලබා දී තිබෙන අතර අද (22) දිනයේදීත් එම කෑණිම් කටයුතු සිදු කෙරෙනවා.
ඊයේ දින පැය තුනක වෙහෙසකර කැණිම් කටයුතුවලින් අනතුරුව පස්වරු දෙකයි, පනහට පමණ එම කටයුතු දිවා ආහාරය සදහා නතර කරනු ලැබූ අතර දිවා ආහාරයෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු මහ වැසි ඇදහැලීම හේතුවෙන් පස්වරු හතරට පමණ කැනීම් කටයුතු අතරමග නවතා දැමීමට සිදු විය.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක නිලධාරීන් හැටකට ආසන්න පිරිසක්ද ප්‍රදේශවාසී ජනතාව ද රැස්ව සිටිනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකනය කරන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය දෑවැන්ත බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන හෑරීම සිදු කරන අතර එම යන්ත්‍රය වරින් වර පෙන්වා දුන් අන්දමට අදාළ ස්ථානය කැණීම් කරද්දී අධිවේගී මාර්ගයේ පස් තුනී කර ඇති කොටසේ පැති බැම්ම ද කපා පස් ඉවත් කිරීමට සිදු විය.
කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ පස් කන්දේ පැත්තක් කපා දැමීමට සිදුවීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට විශාල පාඩුවක් සිදුවෙන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබිණි .
මෙම ස්ථානයේ නිදන් වස්තු සඳහා කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඞ් භාරයේ පසුවන අතර අවස්ථා කිහිපයකදී මේ ආකාරයෙන් කැනීම් සිදුකළ පිරිස් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම හේතුකරගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබුණා.