ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් රජය සතු වේ...
Election Commission of Sri Lanka
Sri Lanka
Election
Presidential Update
By Parami Dissanayake
අද (17) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ එල් රත්නායක මහතාට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් දැනුම් දී ඇත්තේ, ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ඇති බව ය.
මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී හු මෙසේ පැවසුවේ ය.
ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණය සඳහා අයවැය ලේඛනයෙන් වෙන්කරනු ලැබ ඇති මුදල රුපියල් කෝටි 1000 කි.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවන දිනය මේ මස 30හෝ 31 නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
