සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස තවදුරටත් නම් කරයි

Report

සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර ඇත.

තවද ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතාගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව විදුලිය,ඉන්ධන,සෞඛ්‍ය සේවා,ප්‍රවාහන,මාර්ග,ජලය,ආහාර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන, විදුලි සංදේශ හා මාධ්‍ය , පහත්බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

රබර් කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක්

රබර් කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක්

මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී අදාළ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුලින්ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ පසුගිය 29වැනිදාය.

ඒ  මෙරට ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණිනි.

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට