රාජ්‍ය සේවයේ බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවයි!
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවීම සහ එම බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ විසින් වහාම පියවර ගත යුතු බව කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.
NYDSDEA
දේශපාලන බලපෑම්වලින් තොරව, කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම් වූ රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් සිදු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව රජය පවසා ඇත.
{7HZM3RA}
කොවිඩ්-19 වසංගතය, මෑත ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාමත්, පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සලකා බලමින්, රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීමට 2025 අයවැය මගින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇත.
එසේම, රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර, අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ මත පදනම්ව, මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, “2025 අයවැය මගින් යෝජිත රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළ” යටතේ, නියමිත බඳවා ගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එම බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        