කොළඹ ජල කප්පාදුව අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජලසම්පාදන මණ්ඩලය පවසා ඇත්තේ, හෙට පෙරවරු 10:30 සිට රාත්‍රී 7:30 දක්වා පැය 9ක කාලයකට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇති බවයි.
මෙම ජල කප්පාදුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට ඇතුළත්ව, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට බලපැවැත්වීමට නියමිතව තිබිණි.