ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් සනිටුවහන් කළ ජයග්‍රහණයට අදට වසර 30ක්

By Kanchana Mar 17, 2026 06:24 AM GMT
Report

පාකිස්ථානයේ ලාහෝර් නුවර 1996 මාර්තු 17 වැනිදා පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන ජයක් සනිටුවහන් කරන්නට අප ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

  එසේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගෙන අදට වසර 30ක් සපිරෙයි. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක ඉලක්කයක් හඹා ගොස් පන්දු 22ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කර තිබේ.

මෙහිදී අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් ලබාගන තිබේ.

 ඒ වගේම පන්දු යැවීමේදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව   ඇත.

සල්මන් අගා සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් නිවේදනයක්

සල්මන් අගා සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් නිවේදනයක්

 අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් සහ අරවින්ද ද සිල්වාගේ උපනායකත්වයෙන් යුත් 1996 ලෝක කුසලාන සංචිතය මෙහෙයවා තිබේ.

මෙම 1996 වසරේ ලංකා ක්‍රිකට් කණ්ඩායමට අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ මාවන් අතපත්තු යන විශිෂ්ට ක්‍රීඩකයන් ඇතුළත් විය.