මැදපෙරදිග බිහිසුණු යුදමය තත්ත්වය මූලික කර ගෙන වැරදි කරුණු ඉදිරිපත් කරලා විදුලි බිල වැඩි කරන්න නින්දිත උත්සහයක් සජිත් හෙළිකරයි
බාල ගල්අඟුරුවලින් සිදුවන පාඩුව, විදුලි බිල වැඩි කර පියවා ගැනීමට රජය උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.
ඒ වගේම එතුමා සදහන් කළේ සෙනසුරාදා දිනයේත් උත්පාදනය කළ යුතු මෙගවොට් ප්‍රමාණය නිපදවීමට නොරොච්චෝල බලාගාරයට නොහැකි වූ බවයි.
විපක්ෂ නායකවරයා තව දුරටත් ප්‍රකාශ කළේ 15 වැනිදා ඉරිදා දින ද ලක්විජය නොරොච්චෝල බලාගාරයේ නියමිත මෙගවොට් 810 නිපදවීමට නොහැකි වී ඇති බවයි.
පළමු ඒකකයෙන් මෙගවොට් 216ක්, දෙවැනි ඒකකයෙන් මෙගවොට් 230ක් සහ තෙවැනි ඒකකයෙන් මෙගවොට් 232ක් උත්පාදනය කර ඇති බවත් 15 ස් වැනිදා දවසේද මෙගවොට් 678ක් පමණක් නිෂ්පාදනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
මෙයට හේතුව ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්මන් රජය බාල ගල්අඟුරු යෙදවීම එතුමා සදහන් කර තිබේ.
මේ බාල ගල්අඟුරු නිසා නිපදවන මෙගවොට් ප්‍රමාණය අඩුවන විට ඉන්ධන බලාගාර හරහා විදුලිය නිපදවිමට සිදුවන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
තවද එතුමා පෙන්වා දුන්නේ ඉන්ධන බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කරන විට නිෂ්පාදන පිරිවැය වැඩි වී ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට රජය කටයුතු කරන නිසාත්, එවිට විදුලි ඒකකයට අය කරන මුදල වැඩි කිරීමට සිදුවන බවයි
මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ විදුලි බිල වැඩි කර 75ලක්ෂයක් විදුලි පාරිභෝගිකන්ට එහි බර පැටවීම බවත් එතුමා සිහිපත් කරයි.
තවද වාර්තා වන ආකාරයට ඉදිරියේදී විදුලි බිල පවා වැඩි වීමට නියමිත බව විපක්ෂ නායකවරයා සදහන් කරයි .
ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය මූලික කර ගෙන වැරදි කරුණු ඉදිරිපත් කර විදුලි බිල වැඩි කිරීමේ නින්දිත දැවැන්ත උත්සාහයක වත්මන් ජනතා විරෝධි රජය ක්‍රියාත්මක වන බවයි.
එබැවින් රජය නොරොච්චෝල විදුලි බලාගාරයට මේ බාල ගල්අඟුරු යෙදවීම ගැන කරුණාකර රටට සත්‍ය හෙළිකළ යුතු බව විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස තව දුරටත් සදහන් කර තිබේ.