පැත්තකින් ගෑස් පෝලිම පැත්තකින් තෙල් පෝලිම - ලංකාවම ෂට්ඩවුන්
කොළඹ නගරය මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ද වෙළඳපොළ තුළ ගෑස් සැපයුම සීමා වීම නිසා මහජනතාව දැඩි පීඩාවකට පත්ව ඇත.
ලාෆ්ස් සහ ලිට්‍රෝ යන ප්‍රධාන සමාගම් දෙකෙහිම නිෂ්පාදන හිඟ වීම නිසා, බොහෝ ප්‍රදේශවල අලෙවි මධ්‍යස්ථාන වසා දැමීමට වෙළෙඳුන් පියවර ගෙන ඇති අතර ඇතැම් ප්‍රදේශවල සති කිහිපයක සිටම නිසි පරිදි ගෑස් සැපයුමක් නොලැබෙන බව වාර්තා වේ.
ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්
කලාතුරකින් වෙළඳසලකට ගෑස් තොගයක් ලැබුණද, එය මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් ගැසී සිටින බවත් අලෙවිසල් වෙත ලැබෙන සීමිත සිලින්ඩර ප්‍රමාණය පෝලිම්වල රැඳී සිටින පිරිසට සාපේක්ෂව ඉතා අල්ප බැවින් බොහෝ දෙනෙකුට හිස් අතින් හැරී යාමට සිදුවන බවත් තොරතුරු වාර්තා වේ.
බොහෝ අලෙවිසල් ඉදිරිපිට "ගෑස් අවසන්" බව දන්වන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇති අතර, විවෘතව පවතින ස්ථානවල පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ද හටගෙන තිබේ.
පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටියද, අවසානයේ හිස් සිලින්ඩරයම රැගෙන ආපසු නිවසට යාමට සිදුවීම ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇත.