"අම්මපා.. ජනේල ගිනි ගත්ත ඒවටත් ගෙයක් අරන් තියෙනවා" - රජයට පාඩු කල මන්ත්‍රී ලැයිස්තුව එලියට

Report

අරගලය නිසා නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයේ Block 05 හි නිවාස ලබාදෙන ලෙස පහත මන්ත්‍රීවරුන් එවකට පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉල්ලීම් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් මන්ත්‍රීන් 26 දෙනෙක් සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇත.

ඉහත නිවාස සංකීර්ණයේ නිවාස විකිණීමේදී සාමාන්‍ය ගැණුම්කරුවන් සඳහා නිවාස විකුණුම් ක්‍රමවේදය වන්නේ නිවසේවල වටිනාකමින් මුලින් 50%ක් ලබාදී වසරක් ඇතුළත සියලු මුදල් ගෙවා අවසන් කළ පසු නිවාස ලබාදීමය.

නමුත් පහත සඳහන් මන්ත්‍රීවරුන් මූලික ගෙවීම 25%ක් ලෙස අඩු කොට ඉතිරිය වසර 15ක් තුළ ගෙවීමට ක්‍රමවේදයක් සකසා ගෙන නිවාස මිලදී ගෙන ඇත.

එම නිවාසයන්හි වටිනාකම තීරණය කොට ඇත්තේ දේපළෙහි ආරම්භක තක්සේරු මුදල සහ වර්තමාන තක්සේරු මුදල එකතු කොට එය දෙකෙන් බෙදා ගණනය වන මුදල දේපළෙහි වටිනාකම් වශයෙන් ගෙවීමට කටයුතු සලසා ගෙන බවද අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පැවසුවේ,

"මේවා අපිට හිතෙන්නේ ගෙවල් ගිනි තියාගත්තද දන්නෙත් නැහැ. අම්මපා.. ජනේල ගිනි ගත්ත ඒවටත් ගෙයක් අරන් තියෙනවා. 76 දෙනෙක් ඉන්නවා. 26ක ලැයිස්තුවක් තියෙන්නේ" යනුවෙනි.

පාසල් දරුවන් 8ක් සමග ලිංගික ක්‍රියාවේ යෙදුනු ගණිත ගුරුවරයා... වැඩ වැරැද්ද ගනී

පාසල් දරුවන් 8ක් සමග ලිංගික ක්‍රියාවේ යෙදුනු ගණිත ගුරුවරයා... වැඩ වැරැද්ද ගනී

පියුමි හංසමාලි හදිසියේ ම අධිකරණයට... කාටද අධිකරණය නොතිසි එව්වේ ?

පියුමි හංසමාලි හදිසියේ ම අධිකරණයට... කාටද අධිකරණය නොතිසි එව්වේ ?