‘ගෝඨාගෝගම’ අලුත් වෙයි..08 දෙනෙක් කරපු වැඩේ මෙන්න..
ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල වැඩි විම , ගැස් මිල වැඩි කිරිම සහ හිගය , විදුලි කප්පාදුවට එරෙහිව නිර්පාක්ෂික පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කර ඇති ගෝඨා ගෝ ගමට සමගාමිව ගිනිගත්හේන කළුගල ප්‍රදේශයේ ශාඛාවක් විවෘත කර තිබෙනවා.
ගිනිගත්හේන පොල්පිටිය සහ කළුගල යන ප්‍රදේශවල තරුණයන් පිරිසක් විසින් ගිනිගත්හේන කළුගල නගරයේ බස්නැවතුම්පොල අසල ගෝඨා ගෝ ගම ශාඛාව විවෘත කර ඇත.
තරුණයන් අට දෙනෙකු විසින් ගෝඨා ගෝ ගම ශාඛාව එම ස්ථානයේ විවෘත කර ඇති අතර , එයට සහයෝගය දැක්විම සදහා ප්‍රදේශයේ විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |