ජනපතිගේ කතාවට හර්ශ දුන් ගනන් උත්තරේ
ජනාධිපතිවරයා කියන පරිදි 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් සෑම වසරක්ම සියයට 6.5 ක වර්ධන වේගයක් ලඟා කරගත යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා එහිදී 2048 වසර දක්වා ඇති අවුරුදු 26 ම 6.5%කින් වර්ධනය කළේ නැතිනම් ඒ ඉලක්කයට යන්න කිසිසේත් හැකියාවක් නැති බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.
සංවර්ධන ඉලක්කය ලඟා කරගැනීමට නම් 2048 වසර වන විට ඩොලර් 13205 ක ඒක පුද්ගල ආදායමක් ලබාගන්න සිදුවෙන බව සඳහන් කළ හර්ෂ ද සිල්වා මහතා මූල්‍ය අරමුදල කියා තිබෙන පරිදි 2026 වන විටත් ලංකාවෙි ආර්ථික වර්ධන වේගය වන්නේ සියයට තුනක් පමණක් බවද ප්‍රකාශ කළා.
ඇස්තමේන්තු වලට අනුව ලංකාවෙි ජනගහන 2048 වසර වන විට මිලියන 23.06 පමණ වෙන අතර 2048දී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව1385 පමණ වෙන බව පැවසූ අතර විවිධ තර්ක ගේන්න පුළුවන් නමුත් කවුරුහරි මේ ගාන හදන්න අවශ්‍ය බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනපති ජාතිය අමතා කළ ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් පැවසුවා.