ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි..ප්‍රභල රට වලිනුත් ඉල්ලීමක්.

Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe
By Aruna Dec 05, 2021 07:47 AM GMT
Aruna

Aruna

Report

ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට කලාපයේ රටවල් අතර, මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එය මැඩපැවැත්වීමට කටයුතු නොකළහොත් අන්තවාදී සහ ත්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බවයි ජනාධිපතිවරයා එහිදී අනාවරණ කර ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඊයේ පැවති මෙම සමුළුව සඳහා රටවල් 18ක විදේශ අමාත්‍යවරුන් මෙන්ම රටවල් 40කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයන් පැමිණ සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි එන්නත්කරණයට ඌණ සංවර්ධිත රටවල් සඳහා සහය ලබාදෙන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී ධනවත් රටවලින් ඉල්ලීමක් ද කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery