රනිල්ට පස්සේ ඊළඟට ගෝඨා හැබැයි ගෝඨා CID යන්නේ රට ඉඳන් ආවට පස්සෙලු

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය විදෙස් සංචාරය නිමකර මෙරටට පැමිණි පසු ඔහුගේ මෙම ප්‍රකාශය ලබා ගැනීමට සූදානම් බව සඳහන් වේ.

ගාලුමුවදොර පිටියේ පැවති අරගල භූමියට පොලිසිය විසින් ඉකුත් 2022 මැයි 09 වෙනිදා එල්ලකල ප්‍රහාරය සම්බන්ධයෙන් එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

අරගල භූමියට එල්ලවූ ප්‍රහාරය වැලැක්වීමට පියවර නොගත් බවට චෝදනා එල්ලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන තිබුණා.

බලවතුන්ගේ නමින් ගත් පද්මෙලාගේ දේපළ තහනම්

බලවතුන්ගේ නමින් ගත් පද්මෙලාගේ දේපළ තහනම්

පසුව ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු මේ වන විට සිටින්නේ ඇප මතයි. අරගල භූමියට එල්ලවූ ප්‍රහාරය වැලැක්වීමට නිසි නියෝග තමන්ට නොලැබුණු බව දේශබන්දු තෙන්නකොන්ගේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණා.

හිටපු ජනපති අත්අඩංගුවට ගත්තේ කට උත්තර 38ක් අරගෙන - සුනිල් වටගල

හිටපු ජනපති අත්අඩංගුවට ගත්තේ කට උත්තර 38ක් අරගෙන - සුනිල් වටගල

එවකට සිටි පොලිස්පති චන්දන වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇත්තේ කිසිදු ආකාරයේ පෙළපාලියකට ගාලුමුවදොර ප්‍රදේශයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට තමා උපදෙස් ලබාදී තිබුණු බවයි.

මන්නාරමෙන් තෙල් ගන්නයි හදන්නේ එහෙනම් තෙල් මිලත් බහීද?

මන්නාරමෙන් තෙල් ගන්නයි හදන්නේ එහෙනම් තෙල් මිලත් බහීද?