හිටපු ජනපති අත්අඩංගුවට ගත්තේ කට උත්තර 38ක් අරගෙන - සුනිල් වටගල
පොදු දේපළ පනත උල්ලංඝනය කර විදෙස් සංචාරයක නිරත වීම හේතුවෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අත්අඩංගුවට පත් වූ අතර ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ අදාළ පැමිණිල්ල පිළිබඳව කට උත්තර තිස් අටක් සටහන් කර ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බව මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි.