දේශපාලනය ගැන එදා මට දැනුමක් තිබ්බේ නැහැ -ජනප්‍රිය නිලි උපේක්ෂා ස්වර්ණමාලි (PHOTOS)

Sri lanka covid 19 gossip Upeksha swarnamali
By Sithumi Aug 12, 2021 10:56 AM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රයේ තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ. අදටත් ඇය ප්‍රේක්ෂක හදවත් තුල ලැඟුම් ගෙන ඇත්තේ උපේක්ෂා ස්වර්ණමාලි කියනවාටත් වඩා පබා කියන නමින්.

කාලයක් නර්තන වේදිකාවේද, ගායන වේදිකාවේද තවත් කාලයක් වෙනස් මඟක යෙදෙමින් දේශපාලන වේදිකාවේද ජනප්‍රිය චරිතයක් වුනු ඇය අදටත් ජනප්‍රියත්වය අඩුවක් නැති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. මේ දිනවල අපට ඇයව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පානාමංකඩ ටෙලිනාට්‍ය හරහාත් දැකගන්න ලැබෙනවා. කොහොම නමුත් කවුරුත් හදුනන මේ කලා ශිල්පිනිය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ දේශපාලන ජීවිතය ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මම රංගනයට එන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් නෙමෙයි. මම ගෘහණියක් වෙන්න ආසාවෙන් හිටියා. මැනෙජ්මනට් ඉගෙන ගන්න ආසාවක් තිබ්බා. නමුත් දෛවය විසින් මගේ පෙර පිනක් එක්ක මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබුණා. දේශපාලනයේදී මම මුලින්ම අඩිය තියනකොට එක දහ දෙනෙක් එකතු කර ගන්න බැරි උණ රැස්වීම් වලට පන්සිය දාහ ආවා. ඒ ආවෙ පබා නිසා. හැබැයි පබා නිසාම කියන්නත් බැහැ. අද මම මේ ඉස්සරහ කතා කරනවා වගේ එදත් කතා කළා මිනිස්සුන්ට දැනිච්ච දෙයක් තියෙනවා. ඉතිං ඒකට මිනිස්සු ආදරේ කරනවා. මට පාර්ලිමේන්තුවට යනකොට කිසිම දැනුමක් තිබ්බේ නැහැ. එපීරියන්ස් නැහැ. නමුත් ඒ දෙකම මට දැන් හම්බවෙලා තියනවා.

පාර්ලිමේන්තුවේ මොනවද කරන්නේ කියන එක ගැන මම දැනගෙන හිටියේ නැහැනේ. ව්‍යවස්ථාව මොකක්ද වගකීම මොකක්ද මොනවත් දැනගෙන හිටියේ නැහැ. ඒක දැනගත්ත මිනිස්සු මට දොස් කියන්නෙත් ඒකයි. මම දෙරණ 360 වැඩසටහනට ගිහිල්ලා මට දැනුමක් නැහැ කියන එක ඔප්පු වුණා. හැබැයි ඒ වැඩසටහන කවුරු හරි හරියට බැලුවොත් ටිකක් අමාරුවෙන් බලාගෙන ඉන්න වෙයි හැබැයි බැලුවොත් මගේ අවංකකමක් පේනවා. 

හැබැයි අපේ සමාජය අවංකකම බල්ලට දාන සමාජයක්. රැවටිල්ලට රැවටෙන සමාජයක් ඉන්නේ. හැබැයි මගේ අවංක කම එතන තිබුණා. එදා මට තිබුනෙ නැති දැනුම අද මට දේශපාලනයෙන් ඉවත් වෙන කොට තිබුණා .

හැබැයි මට වෙච්ච අවාසියක් තමයි මගේ පළවෙනි කසාදෙ ගොඩාක් ප්‍රශ්න වුණා. මම පක්ෂ මාරු කලේ කැමැත්තෙන් නෙමෙයි. දේශපාලනයට ගියොත් කැමැත්තෙන් නෙමෙයි. එක දේශපාලනඥයන්ගේ කිසි වරදකුත් නෙවෙයි ඒ අයගේ බලපෑම් මොකුත් නෙමෙයි. ඒක මගේ අතිශයින්ම පෞද්ගලික හේතුවක් කියලයි ඇය පවසලා තිබුනේ.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha