නිල්ගල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට
By Hashan
අදට යෙදී තිබෙන ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය නිමිත්තෙන් නිල්ගල වනය රක්ෂිතයක් බවට නිල වශයෙන් පත් කිරීම අද සිදු වනු ඇති බව වාර්තා වී තිබෙනවා.
නිල්ගල වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්ෂණ කොටස බිබිල අඩවිය වන අතර මැදගම, බිබිල, නිල්ගල සහ ඉගිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්ටු හතරක් මෙම වනයට අයත් වනවා.
ඒ අනුව, නිල්ගල ප්‍රදේශයට හෙක්ටයාර 40, 638 ක රක්ෂිතයක් අයත්. එමෙන්ම, වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත් කිරීම ද අද සිදු වනු ඇති. එනම් කෑගල්ල - ගලපිටමඩ ප්‍රදේශයයි.