Miss world දිනන්න ඕනෙ නම් මේ විදිහට කරන්න වෙනවා...හදිස්සියෙම Live ඇවිත් අනුදි හැමෝගෙන්ම කරපු ඉල්ලීම(VIDEO)

Report

Miss world 2025 කියන්නේ මේ දවස්වල හරි හරියට පුවත් මවන තැනක්නේ. මොකද හැමෝටම ඕනේ රූ රාජිණියන් අතරින් තමන්ගෙ රට නියෝජනය කරන රාජණියට කිරුළ හිමි වෙනවා බලන්න.

කොහොම හරි මේ මැයි මාසෙ 31 වැනිදා Miss world තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ඒ වෙනුවෙන් අපේ ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර කියන්නේ මේ වෙන කොට ලංකාවේ අපි හැමෝගෙම බලාපොරොත්තුව.

එහෙම වෙලාවක අපේ අනුදි Live ඇවිල්ලා ඔන්න අපේ රටේ හැමෝගෙන්ම මල්ටි මීඩියා චැලෙන්ජ් එක win කරන්න සහ අපේ රට ඉදිරියට ගෙනියන්න පොඩි උදව්වක් කරනවා.

ඒ තමයි මිස් වර්ල්ඩ් ඇප් එකේ ලීඩර්බෝඩ් එකේ පිළිවෙල ගැන ලොකුවට හිතන්නෙ නැතුව ඇයට උදව් කරන්න කියලා.

මොකද ලීඩර්බෝඩ් එකේ 1 වුණා කියලා මල්ටිමිඩිඩ්ය චැලෙන්ජ් එකේ ජයග්‍රාහිකාව වෙන්නේ නැහැලු.

ඒකෙන් වැඩිපුරම බලන්නේ ඒ ඒ රටවලින් දක්වන සහයෝගය කොහොමද කියන එකලු. ඊට අමතරව තව තෙළඟනා ප්‍රෝමොට් කරන විදිහත් බලනවලු.

ඒ වගේම ෆේස්බුක්, ඉන්ස්ටා එකේ කොහොමද අපි ඇයට උදව් කරන්නේ කියලත් බලනවලු.

ඒ නිසා ලීඩර්බොඩ් එකේ එක නොවුණට අනුදිට මල්ටිමීඩියා චැලෙන්ජ් එකේ ජයග‍්‍රහණය කරන්න පුළුවන් අපි හැමෝම ඇයට උදව් කළොත් කියලා තමයි ඇය කියන්නේ.

''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව

''දුව නම් මිස් තරම් ලස්සන නෑ'' - අනුදිගේ අම්මා කියන කතාව

ඉතින් අනුදි ගැන කොහේ හරි පෝස්ට් එකක් දැක්කෝත් ලයික් කමෙන්ට් කරලා ඒක ශෙයා කරන්න අමතක කරන්න එපා.

මොකද මේකෙන් දින්නොත් අනුදි ටොප් 40 වලට නිතරඟයෙන්ම තේරී පත් වෙනවා. ඊට පස්සේ ඉතිං අවසන් මහා තරඟය තමයි.

මෙන්න මේ ඉල්ලීම තමයි ඇය කළේ.

ඉතින් අපේ රට දිනවන්න ගිය ඇයට මේ වෙලාවෙ දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපේ රටෙන් දෙනවා කියලා අපි අපේ ක්‍රියාවෙන්ම ඇයට පෙන්වමු. 

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා