අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද? [VIDEO]
චන්දික නානායක්කාර කියන නම නිළි රැජිණියගේ අවසන් මොහොතේ ඉඳලම ඇහුණු බව මේ වෙන කොට ලංකාවේ ඉන්න අපි හැමෝම දන්නවා.
ඒකට හේතුව ඔහු මාලනීයව ආදරෙන් බලා ගැනීම.
ඇය අවසන් හුස්ම හෙළීමට පෙරත් ඔහුව සෙවූ බවට කතා පැතිරෙනවා.
කොහොම වුණත් ඔහු ඇයව රෝගී වූ දා පටන් ආදරයෙන් බලා ගත්තු බවට බොහෝ කලා තරුත් සාක්ෂි සටහන් සමාජ මාධ්‍යයේ තියනවා.
මේ ගැන කියලා ගොඩක් කට්ටිය චන්දික නානායක්කාර කියන රංගන ශිල්පියට පහුගිය දවස්වල ප්‍රශංසා කරනවා.
හැබැයි ඕනෙම පැසසුමක් අවලාදයක් වෙන්න යන්නෙ ඇස් පිය ගහන මොහොතක් විතරයි.
ඉතින් පැසසුම් වගේම ඔහුට මේ වෙන කොට බොහෝ විවේචනත් ලැබෙමින් තියෙනවා. කතාව මේ විදිහට යද්දි තවත් අමුතු ආරංචියක් මුළු සමාජ මාධ්‍යම කළඹනවා.
ඒකට හේතුව චන්දික නානායක්කාර පැවදි වෙලා කියලා youtube නාලිකාවක ගියපු ආරංචියක්.
පැසසුම් දිහා නිහඬව බලන් හිටපු ඔහු මේ ආරංචියත් එක්ක තමන්ගේ හඬ අවදි කළා කියලා සමාජ මාධ්‍යයෙම තිබ්බ තව වීඩියෝ එකක සටහන් වෙනවා.
වීඩියෝවේ කියන විදිහට නම් ඔහු කියලා තියෙන්නේ බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා කියලා.
ඒ වගේම එහෙම පැවිදි වෙලා ඉන්නවා වගේ වීඩියෝව හදලා තියෙන්නෙත් ඔහුගේ ෆොටෝ අරන් විකෘති කරලලු.
මොකද මීට කළින් ඔහු චිත්‍රපටයක පැවිදි චරිතයකට සම්බන්ධ වෙලා හිටියලු.
එහි අන්තර්ගතය පහතින්,
'' චන්දික නානායක්කාර මහත්මයා මිනිස්සුන්ගෙන් ඉල්ලීමකුත් කරනවා මේ වගේ බොරු ප්‍රචාරවලට කටකතාවලට අහුවෙන්න එපා කියලා. තමන් ගැන පැතිරෙන මේ වැරදි තොරතුරුවලට අහු වෙන්න එපා කියලා ඉල්ලන්නේ. එතුමා කියන විදිහට මාලනී ෆොන්සේකා මහත්මිය අසනීපෙන් ඉන්න කාලේ එතුමා තමයි ගොඩක් උදව් කරලා තියෙන්නේ. එතුමියගේ අභාවයෙන් පස්සේ සමාජ මාධ්‍යවල හරි අමුතු ප්‍රතිචාර ලැබිලා තියෙනවා. සමහරු ආශිර්වාද කරද්දි තව පැත්තෙන් දරුණු විවේචන එල්ල වෙලා තියෙනවා. ඔය අතරෙ තව කතාවක් මතු වෙනවා. ඒ youtube නාලිකාවක ගියපු ආරංචියක්. ඔහු පැවිදි වුණා කියලා. එතුමා කියනවා ඒ පුවතට එතුමාගේ ඡායාරූපයක් අරගෙන ඒක විකෘති කරලා භාවිතා කරලා කියලා. මේ පිංතූරෙ අරගෙන තියෙන්නේ එතුමා රඟපාපු චිත්‍රපටියකින්. ඒ චිත්‍රපටියේ එතුමා භික්ෂුවකගේ චරිතයක් කරනවා. ඒ වෙලාවෙ කසාවත ඇඳගෙන ඉන්න ඡායාරූපයක් තමයි මේකට භාවිත කරලා තියෙන්නේ."
මේ වන විටත් නිළි රැජිණිය සාමදානයෙන් සැතපී අවසන්.
එහෙත් ඇය වටා මැවෙන ඇතැම් පුවත් තවමත් ජීවමානයි.
ඉන් බොහෝමයක් අසත්‍ය බවත් නුවණින් තේරුම් ගත යුතුයි.
