විදුලි සැර වැදී දරුවෙක් මරුට
Death
School Children
Sinhala news
By Hashan
විදුලි සැර වැදීම හේතුවෙන් වයස අවුරුදු 16 ක් වූ සීමරගම, කොත්තත්තිව් ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මිය ගොස් තිබෙනවා.
මෙම දරුවා විදුලි සැර වැදිමෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.
ඊයේ (01) දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
දරුවා නිවසේ ඇති විදුලි පෙනුවකට විදුලි උපකරණයක් සවිකිරීමට යාමේ දි විදුලිසැර වැදී ඇති බවට සිදු කළ විමර්ශනයෙ දි අනාවරණය වී ඇත. මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .
