එන්නතක දෙවන මාත්‍රාව ලබා ගැනීමට සිටින අයට සුභ ආරංචියක්

Srilanka covid 19
By Sithumi Aug 02, 2021 11:50 AM GMT
Sithumi

Sithumi

Report

ලබන සෙනසුරාදා (07) දින තවත් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා තොගයක් මෙරටට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (YoshihideSuga) මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගය මෙරටට ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගිය සෙනසුරාදා (ජූලි 31) මෙරටට රැගෙනවිත් තිබුණා. 

එම එන්නත් තොගය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිළ වශයෙන් භාරදීම ජපාන තානාපති අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මෙම ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කර තිබෙනවා.