බංග්ලාදේශයෙන් මෙරට ජනතාවට සුබ ආරංචියක්.
ඉදිරි සතියේ දී බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ලැබීමට නියමිත බව මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග පැවති හමුවකදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක් ද එම ඖෂධ ආධාර තොගය අතරට ඇතුලත් බවයි.
එමෙන්ම මීට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බව ද ඔහු තව දුරටත් සඳහන් කර තිබුණා.