වෙළඳපොල තවත් උණුසුම් – රන් මිලට මොකද වෙන්නෙ?
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිල ඊයේ(ජුනි 11) සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, අද රන් අවුන්සයක මිල රුපියල් 999,054 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එය පසුගිය 09 වැනිදා රුපියල් 990,433ක් ලෙස සටහන් වී තිබුණි.
එසේම, අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 258,500 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,320 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,250ක් ලෙස සටහන් වී ඇත.