රන් මිල යළිත් වෙනස් වෙයි..හේතුව මෙන්න.

Sri Lanka World market Gold price
By Aruna Dec 05, 2021 08:29 AM GMT
Aruna

Aruna

Report

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ මතුව ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිත භාවය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා.

රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,783 දක්වා ඉහළ ගිය අතර, ඉදිරි සති තුන හතරක කාලය තුළ එහි පහත වැටීමක් අපේක්ෂා නොකරන බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ලෝක වෙළඳපොලේ රන් මිල යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේ මාසයකින් අඩුම අගයන් සළකුණු කිරීමෙන් අනතුරුවයි.

මේ අතර ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජියෝජියේවා ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ නව පුරෝකථන මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, පසුගිය ඔක්තෝම්බරයේ මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ මෙම වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 5.9ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now