රන් මිල වාර්තාගත ලෙස වෙනස් වෙයි..නව මිල මෙන්න.

Sri Lanka Business American World market Gold price
By Aruna Nov 07, 2021 08:57 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළඳපොලේ රන් මිල ගතවූ සතියේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, රන් අවුන්සයක මිල නැවතත් ඇමරිකානු ඩොලර් 1,800 සීමාව ඉක්මවූවා.

පසුගිය බ්‍රහස්පතින්දා රන් අවුන්සයක මිල ඩොලර් 30 කින් පමණ ඉහළ ගිය අතර, නැවතත් සිකුරාදා දිනයේ ඩොලර් 23 යි ශත 30 කින් රන් මිල ඉහළ ගියා.

ඒ අනුව සති අන්තයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1,816 යි ශත 80 ක් ලෙසයි.

ඇමරිකානු රැකියා දත්ත ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරද්දී රන් මිල මෙසේ ඉහළ යාම විශේෂත්වයක්.

ඇමරිකානු මධ්‍යම සංචිතය මගින් පොලී අනුපාත ඉහළ නැංවීමේ වාතාවරණයක් නොමැතිවීම ඊට හේතුව ලෙස සැළකෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha