රටටම ආඩම්භරයක් වෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ රුමේෂ් තරංග දිවයිනට

Report

26 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දක්ෂ ක්‍රීඩක රුමේෂ් තරංග අද (04) දිවයිනට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානීන්, පවුලේ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.

ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේ පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ අවසන් තරගයේදී රුමේෂ් තරංග මීටර් 89.75ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම දක්ෂතාවය ඔහුගේ ක්‍රීඩා දිවියේ විශිෂ්ටතම ජයග්‍රහණ අතරට එක්වූවා පමණක් නොව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ද ජාත්‍යන්තර වේදිකාවේ තවත් ගෞරවනීය සන්ධිස්ථානයක් එක් කළේය.