මේ පනත අහෝසි කර නව පනතක් පැනවීමට සූදානමක් - සමාන සේවා කොන්දේසි හා වැටුප් දෙන්න සාකච්ඡා

Report

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර නව පනතක් පැනවීම වෙනුවෙන් වන පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී අවධානය යොමුව ඇත.

ඒ, එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී රැස්වූ විටයි.

එහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා 1996 ගෙන එන ලද ඉහත පනතින් අනතුරුව, ගත වූ වසර 30ක කාලය පුරාම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම සාකච්ඡා වූ බව පවසා ඇත.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ 2006 වසරේදී එළිදැක්වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UN CRPD) 2016 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කළ ද, එම ප්‍රඥප්තියට අනුකූල දේශීය නීතියක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි.

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

2016 සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් මෙම කෙටුම්පත සකස් කිරීමට උත්සාහ කළ ද, එය සකස් කිරීමේදී මුල් අභිලාෂයන් සහ වත්මන් කෙටුම්පත් අතර යම් යම් පරස්පරතාවයන් මතු වී තිබෙන බැවින්, එම සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වැදගත් බව සුගත් වසන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වන ජාතික සභාවේ සමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුව මඟින් තම නිරීක්ෂණ අන්තර්ගත කර සකස් කරන ලද ආදර්ශ පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසුව, එම දෙපාර්තමේන්තුව විසින් යළි සකස් කර අමාත්‍යාංශය වෙත ලබා දී තිබෙන අතර, එම කෙටුම්පත පිළිබඳව ජාතික සභාවේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශ නිලධාරීන් විසින් එහිදී පැහැදිලි කර ඇත.

එසේම මින් පෙර අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව යොමු කරන ලද නිරීක්ෂණද සලකා බලමින්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්හි නිරීක්ෂණ ද පදනම් කර ගනිමින් මෙම නීතිමය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ද එහිදී සියලු පාර්ශ්ව විසින් තම අදහස් පළ කර ඇත.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අනුකූල වන ලෙස ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

නව නීති පැනවීමේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී, “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” යන පදනම මත පිහිටා, ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වන ජාතික සභාවේ නියෝජිතයින් විසින් පෙන්වා දී ඇත.

එසේම මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත්තේ ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබා දීම, සමාන සේවා කොන්දේසි හා වේතන හිමිකර දීම සහ රැකියා ස්ථානයන්හි සාධාරණ පහසුකම් සැලසීම, රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කර ඇති රැකියා කෝටාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය යෝජනා සහ ඊට අදාළ රෙගුලාසි ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන පිළිබඳවයි.

තවද වත්මන් සමාජ සහ ආර්ථික පසුබිමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස, ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු වන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කර ගැනීමට අදාළ සියලු ආයතන අතර එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇත.

රන් සමනල ජෝඩුව වාගේ ගීතයත් එක්ක රන්ජාට තහනමක්.. ගෙව්වා මදිලු මැරෙනකම් ගෙවන්න වෙනවාලු - රන්ජන්ගේ සටහනට බුකිය කැළඹෙයි

රන් සමනල ජෝඩුව වාගේ ගීතයත් එක්ක රන්ජාට තහනමක්.. ගෙව්වා මදිලු මැරෙනකම් ගෙවන්න වෙනවාලු - රන්ජන්ගේ සටහනට බුකිය කැළඹෙයි