GMOA, මන්ත්‍රීවරුන්ගේ බදු ගණනය හෙළි කරන ලෙස ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආදායම් බදු ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් තොරතුරු ඉල්ලා ඇත.
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන, 2025 ජනවාරි සිට මැයි දක්වා ඔහුගේ වැටුප් පත්‍රිකා ප්‍රසිද්ධ කළ අතර, එහි බදු අයකිරීමේ ක්‍රමවේදය සමාජයේ දැඩි කතාබහට ලක්විය.
මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ කළ මැයි මාසයේ වැටුප් පත්‍රිකාවට අනුව, ඔහුට රු. 327,713.92ක වැටුපක් ලැබී ඇති නමුත්, APIT (අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද) ලෙස රු. 3,728.53ක් පමණක් අයකර ඇති බව සඳහන් වේ.
අදාළ ලිපිය පහත දැක්වේ.
