ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු GMOA හදිසි විධායක සභාවක් රැස්වෙයි
ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කරන බව එම සංගමය සඳහන් කළා.
ඒ අනුව ජනාධිපතිවරයා සමඟ අද (17) දින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවත් එම යෝජනා සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් එම යෝජනා සම්බන්ධව සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමු කරන බව තම සංගමය වෙත දැන්වූ බවත් ය.
"අපි ජනාධිපතිතුමාව දැනුවත් කළා.. එතුමා පොරොන්දු වුණා මේ අයවැය යෝජනාවලිය පාදක කරගෙන සෞඛ්‍ය පද්ධතිය හෙට දවසට පවත්වාගෙන යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට ඒ සිදුකරන ලද යෝජනාවලියේදී විශේෂයෙන්ම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු රට තුළ රඳවා ගන්න අපි විශේෂයෙන්ම ඉල්ලීම් කරලා තියෙනවා. ඉතිං මේ යෝජනා සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා කරන්නත් ඒ සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරන බවටත් එතුමා පොරොන්දු වුණා... අපි අද හදිසි විධායක සභාවක් රැස්වෙනවා. ඉදිරියේදී හදිසි මධ්‍යම කාරක සභාවක් රැස්වීමට නියමිතයි. හදිසි විධායක සභාවත් හදිසි මධ්‍යම කාරක සභාවේදීත් මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ ගන්නට නියමිතයි."