මැදපෙරදිග ගැටුම් මැද්දේ තෙල් මිල 10% කින් ඉහළට
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය දැඩිව උණුසුම් වන අතර, එම තත්ත්වය ලෝක තෙල් වෙළඳපොළට දැඩි බලපෑමක් සිදුකරයි.
ඒ අනුව විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 10% ක පමණ ඉහළ ගොස් ඇති තර බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට ළඟා වී ඇත.
මෙම ගැටුම්කාරී තත්ත්වය දිගටම පැවතියහොත්, බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ.
විශේෂයෙන්ම, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වන බව සඳහන්.