ලෝකෙටම අසුබ පුවතක් - සුළු මොහොතකට පෙර බොරතෙල් මිල තවත් වැඩි වෙයි[UPDATE]
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.90ක් වශයෙන් සටහන් වී තිබෙන බව සඳහන්.
එසේම අද දහවල් වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 113.70ක් වශයෙන් දැක්වුණු බව වාර්තා වේ.
කෙසේ වුවද අද උදෑසන ආසියානු වෙළඳපොළ ආරම්භයේදී තෙල් මිල දැක්වුණේ, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 112.00ක් වශයෙන්.
එය පෙර දිනයට සාපේක්ෂව 4%ක ඉහළ යාමක් විය.