කවුරුත් නොසිතූ අමුතුම කතාවක්..සපත්තු නිසා පනින්න බැරිවෙලා..නෙළුම් කුළුණෙන් පැන්න පාසල් සිසුවිය ගැන ඇහෙන අලුත්ම කතාව..(VIDEO)

Report

ඊයේ(7) පස්වරුවේ නෙලුම් කුලුනෙන් පැන සිය දිවි හානිකරගත් 16 හැවිරිදි පාසල් සිසුවිය එහි පැමිණ කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයකදීම ඉන් පහළට පැනීමට උත්සහා දරා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඇය ඊයේ පස්වරු 2.45 ට පමණ එහි පැමිණ ඇය විනාඩි 15 ත් 20ත් අතර කාලයක අවස්ථා කිහිපයකදීම ඉන් පැනීමට උත්සහ කර ඇති බවටයි, සීසීටීවල සටහන්ව ඇත්තේ.

එක් අවස්ථාවක ඇය සියදිවි නසා ගැනීමට කුළුණෙන් පැනීමට උස් ස්ථානයකට නැග තිබුණද පාවහන් පැළද සිටීම හේතුවෙන් ඊට බාධා වී තිබෙනවා.පසුව නැරඹුම් මැදිරියේ වෙනත් ස්ථානයකදී පාවහන් ගලවා ඉන් පැන ඇත්තේ.

මේ අතර සියදිවි නසා ගත් මෙම සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද පැවැත්වුණා. ඉන් අනතුරුව ඇගේ මෘත ශරීරය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවකට රැනෙ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිසුවිය එලෙස සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මෙම දැරිය මීට මාස තුනකට පෙර කොම්පඤ්ඤවීදිය මහල් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කරගත් සිසුන් දෙදෙනාගේ මිතුරිය බවත් තොරතුරු වාර්තා වෙනවා.

නැරඹුම් මැදිරියේ තිබී ඇයගේ පාසල් බෑගය සොයාගත් අතර එහි තිබී පාසල් නිල ඇදුම, පොතක් සහ ජංගම දුරකතනය පොලිසිය සොයා ගත් අතර ඇයගේ උපැස් යුවලක්ද පසුව සොයා ගත්තා.

මේ අතර මෙම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් නෙළුම් කුළුණ කළමණාකරන පුද්ගලික සමාගමෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

එම නිවේදනය පහතින්..

කවුරුත් නොසිතූ අමුතුම කතාවක්..සපත්තු නිසා පනින්න බැරිවෙලා..නෙළුම් කුළුණෙන් පැන්න පාසල් සිසුවිය ගැන ඇහෙන අලුත්ම කතාව..(VIDEO) | Girl Who Suicide By Jumping From The Lotus Tower