දිය ඇල්ලකින් පහළට වැටී තරුණියක් අතුරුදන්(PHOTOS)

pavithra lidula dewon waterfall dimbulla thalavakale
By Sewvandhi Jul 18, 2021 12:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට වැටී තරුණියක් අද (18) සවස 1 ට පමණ අතුරුදන්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.

තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට පැමිණ දිය ඇල්ලේ ඉහළ කොටසට ගොස් ඇති බවත් ඉන්පසු දිය ඇල්ලේ මුදුනත ජල පහරින් කකුල් සේදීමට ගිය අවස්ථාවේ එක් තරුණියක් ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහළට ඇදවැටී ඇතැයි පොලීසිය සිදුකරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම අනතුරුට ලක්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති 19 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන ඇත.

අනෙකුත් තරුණියන් තිදෙනො දිඹුල- පතන පොලීසිය වෙත රැගෙන ගොස් විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.

මීටර් 97ක උසකින් යුත් දිය ඇල්ලෙන් පහළට ඇද වැටීමෙන් අතුරුදන්ව ඇති තරුණිය සොයා ගැනීම සඳහා දිඹුල- පතන පොලීසිය විසින් යුද, ගුවන් හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකාය භට කණ්ඩායම් ද කැඳවා තිබේ.

දිඹුල- පතන පොලීසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery
ReeCha