මාරක රිය අනතුරින් අම්මා ළඟ හිටපු පුංචි දියණිය ආයේ නොඑන්නම යයි
By Kaushi
හොරණ දෙස සිට ඉංගිරිය දෙසට දරුවන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවක් පසුපසුපසින් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටීමෙන් අවුරුදු අටක් වයසැති දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම මව සහ තවත් දරුවෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ බව හොරණ පොලිසිය සඳහන් කළා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හොරණ ඉලිඹ ප්‍රදේශයේ කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙක් බව වාර්තා වේ.
එමෙන්ම අනතුරෙන් පසුව හිස බරපතළ තුවාල වු වැඩිමහල් දරුවා මියගොස් ඇති බව හොරණ රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මුලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරන බව සඳහන්.