මහාධිකරණ භූමියේ පිපිරීමක්

Report

අම්බලන්ගොඩ පොලිසිය සදහන් කර ඇත්තේ බලපිටිය මහාධිකරණ භූමියේ කසල ගොඩක තිබු ඩෙටනේටරයක් පුපුරා ගොස් ඇති බවයි.

වැඩිදුර විමර්ශන මගින් හෙළි වී ඇත්තේ එම බන්ධනාගාරයේ රැඳවියන් රඳවා සිටින උප බන්ධනාගාරය පිටුපස කසල එකතු කරන ස්ථානයේ තිබු කසල ගොඩට පිරිසිදු කරන සේවකයින් ගිනි තබා එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු කසල ගොඩේ තිබු ඩෙටනේටරය පුපුරා ගොස් ඇති බවයි.

දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි

දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි

පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ මේ දිනවල අධිකරණය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන අතර නඩු භාණ්ඩ කාමරය පිරිසිදු කිරීමෙන් පසු එකතු වු අපද්‍රව්‍ය කසල ගොඩට ගෙනවිත් දමා ඇති අතර අපද්‍රව්‍ය අතර තිබු පැරණි ඩෙටනේටරයක් මෙසේ පුපුරා ගොස් ඇති බවයි.

එමෙන්ම මෙම පුපුරා යෑමෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නැතැයිද පොලිසිය වාර්තා කරයි. 

පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් - පරක්කු වෙන්න එපා

පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් - පරක්කු වෙන්න එපා

සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ අවධානමක

සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ අවධානමක