ගැහුවොත් මිය යන රෝගීන් දෙන මේ එන්නත තනහම්

Report

ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නත Ondesterone සම්බන්ධයෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) රෝගියකු සංකූලතාවකට ලක්වී මියගිය බවට සැලකෙන සිද්ධියක් වාර්තා වීමෙන් පසු, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) එම එන්නත භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමේ පියවර ගෙන ඇත.

මෙම එන්නත ලබාගත් මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනකුට සංකූලතා ඇතිව මියගිය බවට සමාජ මාධ්‍යවේදී ප්‍රචාරයක් පැතිරී තිබියත්, රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ජයන්තගේ විමසීමේදී රෝගීන් දෙදෙනකු මියගිය බව වාර්තා වී නැත යැයි නිවේදනය කර ඇත.

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

වෛද්‍යවරු සඳහන් කළේ, Ondesterone එන්නත සැත්කම්වල පසු ඇති වන අතුරු ආබාධ වැළැක්වීම සඳහා සහ ගර්භණී මව්වරුන් සහ කුඩා දරුවන්ට වමනය ඇති අවස්ථාවලදී ලබාදෙන බවයි.

ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ NMR/PA3/ADR 04/2025 ලිපිය (12 වනදා) අනුව, එම එන්නත භාවිතයෙන් පසු ඇති අහිතකර ප්‍රතික්‍රියා මත තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසූ විට, IDH රෝගියාට එම එන්නත ලබාදී පසුව ඇති සංකූලතාවයන්ට සම්බන්ධව මරණයක් සිදු විය හැකි නමුත්, එම මරණය Ondesterone නිසා බව නිශ්චිතව කියා නොහැකි බවද සඳහන් කර තිබේ.

මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්