ගතවූ පැය 24 තුළ රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 981ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර ඇති රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) දිනයේදී පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තවද මෙහි ප්‍රධාන අරමුණු දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම ආදිය විය.
ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුම පසුගිය සැප්තැම්බර් මස සිට මෙම ආරම්භ කෙරිණි.
තවද එමගින් සිදුකරන ලද මුළු වැටලීම් 987 අතුරින් මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ වගේම මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 513ක්ද, අයිස් ග්‍රෑම් 890ක්ද, ගංජා පැල 35,349ක්ද ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන තිබුණි.