සහන දෙන්න ඇවිත් පුද්ගලයෙක් ඝාතනය කළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට
ස්වභාවික ව්‍යසනයෙන් අවතැන්භාවයට පත් වූ මෙන්ම සහන සේවකයෙකු වශයෙන් ක්‍රියා කළ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සර්ව ජන බලය පක්ෂයේ අල්හිලාල්පුර කොට්ඨාසයේ මන්ත්‍රී මුහම්මදු කාසිම් අබ්දුල් සමඩ් නම් අයෙක් බව සඳහන්. අඳාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ව්‍යසනයට පත් ජනතාවට වියළි ආහාර අඩංගු සහනාධාර බෙදාදීම වෙනුවෙන් පැමිණ තිබෙනවා.
එහිදී මෙම මන්ත්‍රී මුහම්මදු කාසිම් අබ්දුල් සමඩ් නැමැත්තා විසින් ග්‍රාම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රජය මඟින් සකස් කරන ලද ආපදාවට ලක් වූවන්ගේ සත්‍ය නාමලේඛනය ඉවත් කර තමන්ට හිතවත් පිරිසකගේ නම් ලේඛන ගත කර සිය සහන මලු බෙදා දීමට කටයුතු කර ඇති බව පවසයි.
මේ සම්බන්ධයෙන් උරණ වූ ජනතාව එයට සිය විරෝධය පළ කර ඇත.
එහිදී ඔහුගේ මෙම ක්‍රියාව ප්‍රශ්න කළ තරුණයෙකුට එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් පහර දී තිබෙනවා.
එසේම ඔහු එය වැළැක්වීමට පැමිණි තවත් අයෙකුට පහරදී ඇති අතර එහිදී මන්ත්‍රීවරයාගේ පහරකෑමට ලක්වු පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඊට අමතරව මෙහිදී පහරකෑමට ලක්වු අනෙක් තරුණයාගේ දත් 04ක් කැඩී ගොස් ඇති බවත් ඔහු මේ වනවිට රෝහල් ගත කර සිටින බවත් සඳහන්.