විවෘත මාධ්‍යයේ අදහස් දැක්වීමට ආණ්ඩුවේ වගකිවයුතු ප්‍රබලයන් අතර භීතියක් ද?
දිට්වා සුළි කුණාටුව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන් ඇතුළු කාලීන සිදුවීම් සම්බන්ධව විවෘත මාධ්‍යවලදී අදහස් දක්වීමට ආණ්ඩුවේ වගකිව යුතු ප්‍රබලයන් අතර භීතිකාවක් පැතිර ඇති බව මාධ්‍ය විශ්ලේෂකයකු පවසයි.
ඒ නිසාම ඔවුන් පෙර තෝරාගත් මාධ්‍ය සහ සීමිත මාධ්‍යවේදින් සමඟ පමණක් වැඩසටහන් සඳහා සහභාගී වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් කතාබහ කළ මාධ්‍ය විශ්ලේෂකයකු පවසා සිටියේ, පසුගිය සඳුදා දෙරණ 360 රූපවාහිනී නාලිකාවේ සජීව් දේශපාලන සම්මුඛ සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ ප්‍රබලයෙකු පැමිණීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි. "මෙය ආණ්ඩුවේ මාධ්‍ය භීතියේ තීව්‍රත්වය පෙන්නුම් කරන තවත් උදාහරණයක්" යි ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, පෞද්ගලික මාධ්‍ය පමණක් නොව රාජ්‍ය මාධ්‍ය තුළද ආණ්ඩුවේ ප්‍රබලයන් සහභාගී වන විට එම වැඩසටහන් මෙහෙයවන මාධ්‍යවේදින් වෙනස් කිරීම දක්වා ආණ්ඩුව පහතට වැටී ඇති බවයි. "මෙය ආණ්ඩුවේ මාධ්‍ය සම්බන්ධකරණයේ දුර්වලතාවයේ ලකුණක්" යි ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
ඊට ආසන්නතම උදාහරණයක් ලෙස ජාතික රූපවාහිනීයේ "මහජන දිනය" වැඩසටහන සඳහා පසුගිය සතියේදී ඇමති නලින්ද ජයතිස්ස මහතා සහභාගී වූ අතර, වෙනත් දිනවල එම වැඩසටහන මෙහෙයවන සාමාන්‍ය මාධ්‍යවේදින් වූ රංගන සෙනවිරත්න, විජය මාපා ජයසිංහ සහ නිරංග ලොකුගේ එහි නොපැවති බව මාධ්‍ය විශ්ලේෂකයා සඳහන් කළේය. ඒ වෙනුවට වෙනත් මාධ්‍යවේදියෙකු යොදවා තිබූ අතර, එය ඊට පෙර සතියේ "මහජන දිනය" වැඩසටහනට සහභාගී වූ ඇමති චන්දන අබේරත්න මහතා සාමාන්‍ය මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට මුහුණ දීමේදී කට උත්තර නැති තත්ත්වයට පත්වූ නිසා සිදුවූවක් බවද ඔහුගේ නිරීක්ෂණය වේ.
මෙරට පසුගිය දූෂිත හා අසමත් යැයි කියන ආණ්ඩුවල ප්‍රබලයන් සාධාරණ හෝ අසාධාරණ චෝදනා මධ්‍යයේ පවා පෞද්ගලික මාධ්‍යවලට නොගොස් රාජ්‍ය මාධ්‍යවලට යාමට පසුබට නොවූ බවත්, නමුත් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබලයන් රාජ්‍ය මාධ්‍ය තුළ පවා සීමිත මාධ්‍යවේදින් සමඟ සහභාගී වීමේ ප්‍රවණතාවයක් දක්වමින් ඇති බවත් මාධ්‍ය විශ්ලේෂකයා පෙන්වා දුන්නේය. "මෙය ආණ්ඩුවේ පසුබෑමේ මූලික ලකුණක්. රාජ්‍ය මාධ්‍ය තුළද මාධ්‍යවේදින් මාරුකර වැඩසටහන් වෙත යාම ආණ්ඩුවේ භීතිකාවේ තීව්‍රත්වය පෙන්වයි" යි ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය ආණ්ඩුවේ මාධ්‍ය සම්බන්ධකරණයේ දුර්වලතාවයක් ලෙස සැලකෙන අතර, ජනතාවගේ විවෘත සංවාදයකට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ බැහැරවීම ජනතාව අතර වැඩි අනුමානයක් ඇති කර ඇති බව ද මාධ්‍ය ආරංචි පෙන්වා දෙයි.