පාඨලී චම්පිකගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Report

අපරීක්ෂාකාරී රිය පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් අභියාචනාධිකරණයට ගොනු කර තිබේ.

මෙම පෙත්සම අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත මඩුල්ල ඉදිරියේ කැඳවා සලකා බැලීමට ලැබී ඇති අතර, එය ජනවාරි 22 වනදා නැවත කැඳවීමට නියමිතව තිබේ.

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ, 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිය වරද පිළිගෙන නඩු කටයුතු අවසන් කර ඇති අතර, එම චෝදනා යළි නඩු පැවරීම නීතියට පටහැනි බවයි.

එමනිසා ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ අධිචෝදනා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට ය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට